fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"තවම ඉවර නෑ... තව ගොඩක් දේ කරන්න තියෙනවා" -IMF ආණ්ඩුවට කියයි

    “තවම ඉවර නෑ… තව ගොඩක් දේ කරන්න තියෙනවා” -IMF ආණ්ඩුවට කියයි

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරට නව ආණ්ඩුව සමඟ එක්ව සිය විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා මීළඟ සමාලෝචනය වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව එහි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් වොෂින්ටනයේදී පැවසීය.

    මෙරට රජය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මෙතෙක් සාකච්ඡා කළ කරුණු තුළින් තම අරමුදල සෑහීමකට පත්වන බවත් ඉක්මනින් ආරම්භ කළ යුතු තුන්වන සමාලෝචනය වෙත කඩිනමින් යා හැකි යැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම අවධාරණය කරයි.

    මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ ජනාධිපතිගේ ආර්ථික කටයුතු පිළිබඳ උපදේශක දුමින්ද හුලංගමුව ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් මේ වන විට මෙම සාකච්ඡාවල නිරතව සිටිති.

    මෙම ණය වැඩසටහන යටතේ සමාජ ආරක්ෂණය ඇතුළු නව රජයේ ප්‍රමුඛතා කිහිපයක් පිළිබඳ තවදුරටත් සාකච්ඡා කළ යුතුව ඇති බව ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පවසා ඇත.

    කෙසේවෙතත් ණය වැඩසටහන පිළිබඳ වන සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යන අතර මේ සතියේ දී වොෂිංටනයේදී එය සිදුවන බව ද ඔහු කියා තිබේ.

    පවතින වැඩසටහන යටතේ ලබා ගත් දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීමට සහ ඒවා මත ගොඩ නැගීමට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ එකඟතාවක් ඇති වූ බව ද ඔහු කියාසිටී.

    ශ්‍රී ලංකාවේ මීළඟ පියවර වනුයේ සියලුම ණය හිමියන් සමඟ විධිමත් එකඟතාවයකට පැමිණීමයි.

    “එය විශාල ඉදිරි පියවරක්, ඇත්ත වශයෙන්ම එය අවසානය නොවේ. ප්‍රතිසංස්කරණවල අඛණ්ඩ පැවැත්ම සම්බන්ධයෙන් කළ යුතු තවත් බොහෝ වැඩ තිබේ. ඔබ ශක්තිමත් සහ තිරසාර ප්‍රකෘතිමත් වීමේ මාවතකට යාමට පෙර බොහෝ දුර යා යුතුව ඇත.” යනුවෙන් ද ” ශ්‍රීනිවාසන් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img