fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආධුනික පොලිස් නිලධාරීන් නිරුවත් කර නවකවදය දීලා

    ආධුනික පොලිස් නිලධාරීන් නිරුවත් කර නවකවදය දීලා

    පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සිට තිස්සමහාරාමය පොලිස් ස්ථානයේ පුහුණු රාජකාරි සඳහා වාර්තා කරන ලද නවක පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක් නිරුවත් කර නවක වදය දුන් පොලිස් කොස්තාපල්වරයකු තිස්සමහාරාම පොලීසිය විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇත.

    තිස්සමහාරාමය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත රණවීර (97451) නැමැති මෙම පොලිස් කොස්තාපල්වරයා තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අනිද්දා (29) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    මෙම නවක වදය ලබාදී ඇත්තේ තනිකඩ භට නිවාසයේදී නිරුවතින් ජ්‍යෙෂ්ඨත්වය පිළිවෙලට මෙම නවක පොලිස් නිලධාරීන් පෝලිම් ගස්සවා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    ආධුනික නිලධාරීන් තිදෙනෙකුට ලිංගික අතවර කිරීම, සාපරාධි බලහත්කාරය පෑම, සාපරාධි බිය ගැන්වීම, කූර අමානුෂික හෝ නින්දිත ලෙස සැළකීම, අයුතු ලෙස සිරකර තැබීම හා සාපරාධි අයුතු ඇතුලුවීම යන චෝදනා එල්ලකරමින් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කළ බවද පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img