අරුගම්බේ ප්‍රදේශයේ බෝම්බ තුනක් ඇති බව පවසමින් සංචාරකයින් පිරිසකට එහි සංචාරය සඳහා නොයන ලෙස අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ පුද්ගලයකු පොතුවිල් පොලීසියේ නිලධාරීන් විසින්ඊයේ (27) සවස අත්අඩංගුවට ගෙන ඇත.
සයිදුමරුදු පදිංචි අවුරුදු 28ක තරුණයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොතුවිල් පොලීසිය සඳහන් කළේය.
මහනුවර සිට අරුගම්බේ සංචාරයක් සඳහා පැමිණි පිරිසකට මෙම පුද්ගලයා ව්‍යාජ බෝම්බ බිය ඇතිකර ඇති බව පොලීසිය කියයි. එම පුද්ගලයාගේ ඡායාරූපයක් ජංගම දුරකථනයකින් ලබාගත් මහනුවර සිට පැමිණි කණ්ඩායම එම ඡායාරූපය පොලීසියට ලබාදී ඇති බවත් ඒ අනුව සැකකරු හදුනාගෙන අත්අඩංගුවටගත් බවත් පොලීසිය සඳහන් කළේය.