fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සැකකරුවකුට පොලීසියෙන් පහරදෙයි -ගමක් වටලයි -3කගේ වැඩතහනම්

    සැකකරුවකුට පොලීසියෙන් පහරදෙයි -ගමක් වටලයි -3කගේ වැඩතහනම්

    නිවැරදි විමර්ශනයකින් තොරව රන් මාලයක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් සැකපිට තරුණයෙක් අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන පහරදීමක් සම්බන්ධයෙන් පමුණුගම පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට මීගමුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.

    උප පොලිස් පරීක්ෂකවරයෙකුගේත්, සැරයන්වරයකුගේත්, කොස්තාපල්වරයකුගේත් මෙසේ වැඩ තහනම්කර ඇත්තේ ඊයේ සිට ක්‍රියාත්මක වන ලෙසිණි.

    පොලීසිය විසින් පසුගිය 24 වෙනිදා පමුණුගම සෙත්තපාඩුවේ පදිංචි මෙම තරුණයාව අත්අඩංගුවට ගෙන කළ පහරදීම සම්බන්ධයෙන් ගම්වැසියන් පොලිස් ස්ථානය වටලා විරෝධතාවයකද නිරත විය. තත්ත්වය පාලනය කිරීමට අවට පොලිස් ස්ථානවලින්ද පොලිස් නිලධාරීණ් කැදවා පමුණුගම පොලිස් ස්ථානයේ ආරක්ෂාව පියවර ගැනීමටද සිදුව තිබුණි.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරන බව උසස් පොලිස් නිලධාරීන් විසින් ගම්වැසියන්ට ලබාදුන් පොරොන්දුවකට අනුව සහ පොලිස් පහරදීමෙන් තුවාල ලබා සිටි තරුණයා රෝහල්ගත කිරීමත් සමඟ විරෝධතාවය හමාර විය.

    මෙම සිදුවීම මුල්කරගෙන තරුණයා අත්අඩංගුවට ගැනීමටත් පහරදීමටත් සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img