පාතාලයේ අපරාධකරුවන් හා මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පවත්වමින් රාජ්‍ය බුද්ධි තොරතුරු බාහිර පාර්ශවයන් වෙත ලබාදුන්නේ යැයි කියනු ලබන රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව විශේෂ කාර්ය බලකායේ කිලිනොච්චිය කඳවුරේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ කිලිනොච්චිය කඳවුරේම නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබීම විශේෂිතය.
විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව මෙම නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය.
කොස්තාපල්වරයා සතුව තිබී ජංගම දුරකථන 06ක් සහ සිම් කාඩ්පත් 07ක් ද විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන ඇත. එම දුරකථන හා සිම්කාඩ්පත් සමඟ විමර්ශන කටයුතු සඳහා කොස්තාපල්වරයා කිලිනොච්චිය පොලිස් ස්ථානයට භාරදී තිබේ.