fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුලියාපිටිය OIC අත්අඩංගුවට ගන්න නියෝගයක් -OIC අතුරුදන්

    කුලියාපිටිය OIC අත්අඩංගුවට ගන්න නියෝගයක් -OIC අතුරුදන්

    කුලියාපිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත් මහතා අත්අඩංගුවට ගෙන නොවැම්බර් 08 වෙනිදා ඉදිරිපත්කරන ලෙස කුලියාපිටිය අධිකරණය නියෝග කර තිබේ.

    බිරිඳක් හා සැමියෙක් අකර වූ පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට ලද පැමිණීල්ලක් ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයේ විභාග වෙමින් පැවතියද එම ස්ථානයට ගොස් සැමියාට පරුෂ වචනයෙන් බැන වැදී පහරදීමක් සම්බන්ධයෙන් ලද පැමිණීල්ලකට අදාලව අධිකරණයට කළ කරුණු දැක්වීමකට අනුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝගකර ඇත.

    කුලියාපිටිය දියදොර පදිංචිකරුවෙක් වන සිය සැමියා තමාට මරණ තර්ජනය කරන බව සඳහන් කරමින් කාන්තාවක් පසුගිය 23 වෙනිදා කුලියාපිටිය පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයට පැමිණිල්ලකර තිබේ. ඒ අනුව ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයට සැමියා කැදවා ඒ සම්බන්ධයෙන් විභාගයක් ආරම්භකර ඇත.

    පැමිණීල්ල විභාග වෙමින් පැවතියදී උප පොලිස් පරීක්ෂිකාවක් එම ස්ථානයට පැමිණ දැනුම් දී ඇත්තේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති වජිර ඉන්ද්‍රජිත් මහතා වෙත පැමිණීල්ල විභාග කිරීමට ඉදිරිපත්කරන ලෙස දැනුම්දුන් බවය. මෙහිදී ඊට සැකකාර සැමියා විරෝධය පාමින් පවසා ඇත්තේ ඊට පෙර අවස්ථාවකදී පැමිණිල්ලක් විභාග කරන අවස්ථාවකදී තමාට පහරදුන් බවය.

    මද වේලාවකට පසු ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශය හමුවට පැමිණි මූලස්ථාන පොලිස් ස්ථානාධිපති වජිර ඉන්ද්‍රජිත් මහතා සැකකාර සැමියාට පරුෂ වචනයෙන් බැන වැදී පහරදී තිබේ. මෙම සිදුවීම ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා තේජානි වීරසේකර මහත්මිය පොලිස් පොතේ සටහනක් තබා පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් පහරකෑ පුද්ගලයාට අධිකරණ වෛද්‍ය පෝරමයක් ලබාදෙමින් කුළියාපිටිය රෝහලට පිටත්කර යවා ඇත.

    මේ සම්බන්ධයෙන් කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරී 1 යටතේ විමර්ශනයක්ද ආරම්භ කර තිබේ. එම විමර්ශනය සිදුවන අතර තුර පසුගිය 24 වෙනිදා සවස 6.30ට පමණ පොලිස් ස්ථානාධිපති වජිර ඉන්ද්‍රජිත් මහතා හදිසියේම රෝගී තත්ත්වයක් ඇතිවූ බැවින් පොලිස් ස්ථානයෙන් පිටව යන බවට සටහන් තබා පිටත්ව ගොස් තිබේ.

    මේ අතර පසුගිය 25 වෙනිදා මෙම පහරදීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලීසිය පියවර ගෙන ඇත. මේ වන විට පොලිස් ස්ථානාධිපතිවරයා සිය ජංගම දුරකථන පවා අක්‍රියකර අතුරුදන්ව සිටින බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img