ඉන්දියාවේ නව දිල්ලියේ සිට මෙරට කටුනායකට පියාසර කළ එයාර් ඉන්දියා මගී ගුවන් යානයට බෝම්බ ප්‍රහාර අවදානමක් ඇතිබවට වූ දැනුම්දීම අනුව මේ වනවිට එම ගුවන් යානය විශේෂ සෝදිසියකට ලක්වෙමින් ඇති බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
අද (28) සවස හතරට පමණ මෙම ගුවන් යානය කටුනායකට ළඟා වී ඇති අතර ඒ වනවිට එහි මගීන් 108ක් හා ගුවන් නියමුවන් ඇතුළු කාර් ය මණ්ඩලයේ අට දෙනෙකු ගමන් කරමින් සිට ඇත.
වහාම අදාළ ගුවන් මගීන් ගුවන් යානයෙන් පිටතට ගැනීමට ගුවන්තොටුපළ කාර් ය මණ්ඩලය යුහුසුළුව ක්‍රියාත්මක වී ඇති අතර ගුවන්තොටුපළ ආරක්ෂක අංශ සහ ගුවන් හමුදාව මැදිහත්වී අදාළ බෝම්බ අවදානම සුපරික්ෂාවට ලක්කරමින් සිටියි.
මීට පෙර ද ඉන්දියාවේ සිට කටුනායකට පියාසර කළ විස්තාරා ගුවන් සේවයේ ගුවන් යානා දෙකකට මෙවැනිම අවදානමක් හා තර් ජනයක් එල්ල වී තිබිණි. ඉන්දියානු ගුවන් යානාවලට එල්ල වන මෙම තර් ජනය කුමක් ද යන්න මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැත.
කෙසේ වෙතත් අදාළ තර් ජනය ඉන්දියානු ගුවන් යානාවලට එල්ල වුවද කටුනායකට පියාසර කරන යානාවලට මෙවැනි තර් ජනයක් එල්ලවීම තුළ මෙරටට හා මෙරට ආරක්ෂක අංශවලට ද ඒ ගැන දැඩි විමසිලිමත්වීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බව සඳහන් ය.
කටුනායක ගුවන් තොටුපළේ කාර් ය භාර කළමනාකාරවරියගෙන් නිවුස් වේව් මේ ගැන කළ විමසීමේ දී මෙම සිදුවීමට අදාළව නිල වශයෙන් ඉදිරිපත් වූ තොරතුරක් මේ දක්වා ඉදිරිපත් කළ නොහැකි බව කියා සිටියාය.