fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කටුනායක ගුවන්තොටේ බෝම්බයක් ඇතැයි බොරු ඇම තුමක් දුන් අයෙක් අල්ලයි

    කටුනායක ගුවන්තොටේ බෝම්බයක් ඇතැයි බොරු ඇම තුමක් දුන් අයෙක් අල්ලයි

    කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලේ බෝම්බයක් ඇතැයි සඳහන් කරමින් ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගමේ කළමනාකරුට ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබාදුන් පුද්ගලයකුව වාරියපොල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    වාරියපොල පදිංචිකරුවෙක්වන සැකකරු අවුරුදු 67ක් වයසැති අයෙකි.

    මෙම පුද්ගලයා පසුගිය 27 වෙනිදා ජංගම දුරකථනයකින් ඇමතුමක් දෙමින් ගුවන්තොටුපොලේ බෝම්බයක් ඇතැයි පවසා ඇති බව පොලීසිය සඳහන් කළේය.

    මේ ගැන සොයා බැලීමේදී එම තොරතුර ව්‍යාජ එකක් බව අනාවරණය වීමෙන් අනතුරුව පොලිස් විමර්ශනයක් ආරම්භකර ඇත්තේ ඇමතුම දුන් පුද්ගලයා සම්බන්ධයෙනි. එම පුද්ගලයා වාරියපොල පොලීසියේ නිලධාරියෙක් බව හදුනාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවටගත් බවත් ඔහු මන්ද මානසික තත්ත්වයේ සිටින අයෙක් බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img