fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරියගේ අත්සන හොරට යොදා වරෙන්තුවක් හැදූ සැරයන්ට වූ දේ

    තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරියගේ අත්සන හොරට යොදා වරෙන්තුවක් හැදූ සැරයන්ට වූ දේ

    තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරියගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ව්‍යාජ වරෙන්තුවක් සකස්කර පුද්ගලයකු අත්අඩංගුවට ගත් තෙල්දෙණිය පොලීසියේ වරෙන්තු භාර නිලධාරියා නීතීඥවරයකුගේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ලබන 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    මෙම ව්‍යජ වරෙන්තුව සම්බන්ධයෙන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිටාර්වරයා විසින් තෙල්දෙණිය කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයට 2023 වසරේ නොවැම්බර් 15 වෙනිදා කළ පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක්ද ආරම්භකර තිබුණි.

    ඒ සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව කළ අත්අකුරු පරීක්ෂාවකදී සැරයන්වරයා විසින් ව්‍යාජ අත්සනක් යොදා එම වරෙන්තුව සකස්කර ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී සැරයන්වරයා අධිකරණයට භාරවී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img