ඊශ්‍රාල ජාතිකයන් ඉලක්ක කරගනිමින් ආරුගම්බේ දී ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනෙකු දින 90ක් රඳවා ගෙන පරීක්ෂණ පැවැත්වීමට පියවර ගෙන ඇතැයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතාට අද රහස්‍ය වාර්තාවත් ඉදිරිපත්කරමින් සඳහන් කළේය.
සිව් දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවද මෙහිදී අධිකරණය හමුවේ පොලීසිය සඳහන්කර තිබේ.
ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම සැකකරුවන් දෙදෙනා රදවා ගෙන ප්‍රශ්න කිරීම් කරන බවද පොලීසිය සඳහන්කර ඇත.