රජයේ නිල නිවාස බාර නොදෙන හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව අද(30) දිනයෙන් පසු නඩු පවරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව හිටපු අමාත්‍යවරුන්ට සිය නිල නිවාස බාර දීමට ලබා දී ඇති කාලය අදින් අවසන් වේ. ඒ අනුව හිටපු අමාත්‍යවරුන් 12 දෙනෙකුට අද දිනයේ දී සිය නිල නිවාස බාර දීමට සිදුවනු ඇත.
නිල නිවාස බාර දෙන මිට පෙර හිටපු අමාත්‍යවරුන් 28 දෙනෙකුට දැනුම් දුන් අතර මේ වනවිට අදාළ නියෝගය පිළිපඳිමින් හිටපු අමාත්‍යවරුන් 16 දෙනෙකු සිය නිල නිවාස බාර දීමට කටයුතු කර තිබිණි.