fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හරක් කටාගේ ගෝලයා කෝටි 22ක කුඩු එක්ක අල්ලයි

    හරක් කටාගේ ගෝලයා කෝටි 22ක කුඩු එක්ක අල්ලයි

    සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගොලයා වන ආමි චුටි නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන පුද්ගලයෙකු රුපියල් කෝටි විස්සකට ආසන්න වටිනාකමක් ඇති හෙරොයින් හා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන ඇත.

    විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් බොරලැස්ගමුව පොලිස් වසමේ බොරලැස්ගමුව, 10 කණුව හංදිය මාර්ග සංඥා කුළුණ අසල ලංකා බේන් හවුස් සහ හෝටලය ඉදිරිපිට මාර්ගයේ දී කල වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

    එහි දී සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටාගේ ප්‍රධාන ගෝලයෙකු වන ආමි චුටි නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙකු වන ධම්මික සමන් කුමාර නැමැත්තා හෙරොයින් කිලෝ 06, ග්‍රෑම් 910 ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 17 ක් සමග ලොරි රථයක් හා යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.

    අත්අඩංගුවට හෙරොයින් රුපියල් කෝටි විස්සකට ආසන්න වටිනාකමකින් යුතු වන අතර අයිස් මත්ද්‍රව්‍ය වල ආසන්න වටිනාකම රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් බවට අනාවරණය වී ඇත.

    මෙම වැටලීමකර ඇත්තේ යුද හමුදාවෙන් ලද තොරතුරකට අනුවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img