කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයට යාබදව පානදුර ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි කඩකාමර පහක් සහිත පැරණි දෙමහල් ගොඩනැගිලික් එකවර ඊයේ (30) සවස කඩා වැටී ඇත.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ගොඩනැගිල්ලේ පහත මාලයේ දන්ත ශල්‍යාගාරයක සිටි වෛද්‍යවරිය සහ ඇයගේ දියණියත් පුත්‍රයාත් දිවි බේරාගෙන ඇත්තේ ගොඩනැගිල්ල කඩා වැටෙන අතරතුර එම ස්ථානයෙන් පිටතට පැන ගැනීමෙනි.
මෙම ගොඩනැගිල්ල කඩා වැටීමත් සමඟම ඒ ආසන්නයේ ගාලු පාර දූවිල්ලෙන් වැසී ගොස් තිබේ.
පානදුර ජනප්‍රිය මාවතේ එක්පසක කානු පද්ධතිය සුද්ධ පවිත්‍ර කිරීම සඳහා නගර සභාවේ අධීක්ෂණය යටතේ දහවල් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් එම කානු ශුද්ධ පවිත්‍ර කල බවද සදහන් වේ.
කානු පිරිසිදු කල පිරිස පිටත්ව ගොස් වේලාවකින් පසු මෙම ගොඩනැගිලි එක්වරම කඩා වැටී තිබේ.