මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් මාතර දිස්ත්‍රික්කයට ඉදිරිපත්කර ඇති අපේක්ෂක ලැයිස්තුවේ සිටින සිව් දෙනෙක් තමන්ගේ නම් එම ලැයිස්තුවට ඇතුලත්කර ඇත්තේ සිය අනුදැනුමක් නොමැති බව සඳහන් කරමින් දෙනියාය පොලීසියට පැමිණිලිකර තිබේ.
දෙනියායේ පදිංචිකරුවන් සිව් දෙනෙක් වන තරංග දේශප්‍රිය, චමල් ලසන්ත, නිශාල් ප්‍රියන්ත සහ ප්‍රසාද් උදයා යන සිව් දෙනා විසින් පෙරේදා (29) මෙම පැමිණිල්ල කළ බව දෙනියාය පොලිසිය සඳහන් කරයි.
කාර් රථය සලකුණ දරණ මෙම පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කයට ඉදිරිපත්කර ඇති අපේක්ෂක ලැයිස්තුවේ 10 දෙනාම දෙනියායේ අය බව පෙනී යන බවද පොලීසිය සඳහන් කරයි.
මේ අතරින් තමන් අපේක්ෂකයන් බව නොදන්නා බව සඳහන්කරමින් පැමිණිලිකල සිව් දෙනා පොලීසියට පවසා ඇත්තේ තමන් අපේක්ෂකයන් බව දැන ගනු ලැබුවේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව සමඟ නිවසට ලද අපේක්ෂක ලැයිස්තුවෙන් බවය.
මෙම පැමිණිල්ල සටහන්කරගෙන ගොනුවක් ලෙස එය මාතර පොලිස් අධිකාරී කාර්යාලයේ පිහිටි මැතිවරණ අංශයට යොමු කළ බවත් එම අංශය මගින් මේ බව මැතිවරණ කොමිෂන් සභාව දැනුවත්කරනු ලබන බවත් පොලීසිය සඳහන් කළේය.
මේ සම්බන්ධ පැමිණිල්ලක් මාතර තේරීම්භාර නිලධාරියාට කරන ලෙසද මෙහිදී පොලීසිය මෙම පැමිණිලිකරුවන් සිව් දෙනා දැනුවත්කර තිබේ.