fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රන් පොරවාගත් දේවගැතිගේ පුතා හොර වාහනයක් එක්ක අල්ලයි -ලොහාන්ගේ නමත් ගෑවෙයි

    රන් පොරවාගත් දේවගැතිගේ පුතා හොර වාහනයක් එක්ක අල්ලයි -ලොහාන්ගේ නමත් ගෑවෙයි

    ගාලතැන්නේ දේවගැති බවට ජන මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියක් ලබමින් දේවාලයක් පවත්වගෙන ගිය කපුවාගේ පුතා කොටස් එකලස් කරන ලද මොන්ටෙරෝ වර්ගයේ ජිප් රථයක් සමඟ තෙල්දෙණිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    දිගන පදිංචිකරුවෙක් වන මෙම පුද්ගලයා සතුව කොටස් එකලස්කරන ලද නීති විරෝධි ජිප් රථයක් ඇති බවට 1997 දුරකථන අංකයට ලද තොරතුරකට අනුව පොලීසිය මෙම වාහනය සොයාගෙන ඇත.

    වාහනයේ ලියාපදිංචි තොරතුරු කිසිවක් සැකකරු සතුව තිබී නැත. ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ පසුගිය දා වෙඩි තබාගෙන මිය ගිය රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතාගේ ලේකම්වරයා විසින් මෙම රථය ගෙනවිත් දමා ගිය බව ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත.

    මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී 2022 වසරේ ගෙවූ විදුලි බිලක් මෝටර් රථයේ තිබී හමුවී ඇත. එම බිල සැකකරුගේ නිවසේ විදුලි බිලක් බව අනාවරණය වී තිබේ. ජිප් රථය වසර කිහිපයක් තිස්සේම පරිහරණය කර ඇත්තේ මෙම සැකකරු විසින් බවටද තොරතුරු විමර්ශනයේදී පොලීසියට ලැබී තිබේ. අංක තහඩුව ගැන සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ මහනුවර පුද්ගලයකුගේ වාහනයකට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කර ඇති අංකයක් සවිකරගෙන මෙම වාහනය ධාවනයකර ඇති බවය.

    ඒ් අනුව මෙම පුද්ගලයාව පෙරේදා (31) සැකපිට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img