කොලොන්නාවේ පිහිටි දැන්වීම් ප්‍රචාරක ආයතනයක තිබී මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සුසුකි වර්ගයේ කැබ් රථයක් ගොතටුව පොලීසිය සොයාගෙන ඇත.
කොලොන්නාව ආඩිහේන පාරේ පිහිටි පුද්ගලික ආයතනයක් වන දැන්වීම් ප්‍රචාරක ආයතනයක් තුළ තිබී මෙම වාහනය සොයාගෙන ඇත්තේ පසුගිය 30 වෙනිදා 1997 කෙටි දුරකථන අංකයට ලබාදුන් තොරතුරකට අනුවය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු විසින් අංක තහඩු නොමැති කැබ් රථයක් මෙම ස්ථානයේ රදවාගෙන ඇති බවට ඒම තොරතුරෙන් කියැවේ තිබේ.
මෝටර් රථ කොමසාරිස් කාර්යාලයෙන් කැබ් රථයේ හිමිකාරිත්වය ගැන කළ සොයා බැලීමේදී එය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බව තහවුරු වී ඇත.
මෙම රථය වසර තුනක පමණ කාලයක් තිස්සේ මෙම කොලොන්නාවේ දැන්වීම් ප්‍රචාරක ආයතනය තුළ තිබී ඇති බවට තොරතුරු ඇතැයි පොලීසිය සඳහන් කරයි.