මෙහෙණින් වහන්සේලා දෙදෙනෙක් සතුව තිබුණු ජංගම දුරකථන දෙකක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාවේ ලාන්ස් කෝප්රල්වරයෙක් නාඋල පොලීසිය විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇත.
කහටගස්දිගිලියේ පදිංචිකරුවෙක් වන මෙම කෝප්රල්වරයා බෝවතැන්න බලාගාරයේ ආරක්ෂාව සඳහා යොදවා සිටියෙක් බව පොලීසිය සඳහන් කරයි.
බෝවතැන්න බලාගාරය ආසන්නයේ පිළිහුඩුගොල්ලේ ඇති මෙහෙණින් වහන්සේලා රැදී සිටින ආරන්යකට ගිය අවස්ථාවේදී මොහු මෙම ජංගම දුරකථන දෙක සොරාගෙන ඇති බව පොලීසිය කියයි.