fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ලොහාන්ට හදිසි අසනීපයක් -බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට

    ලොහාන්ට හදිසි අසනීපයක් -බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට

    බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කොළඹ මහ රෝහලට මාරුකර යවා

    රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

    ඊයේ (02) රාත්‍රී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ලොහාන් රත්වත්තේ මහතා ජාතික රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් ළඟ තබාගැනීමේ චෝදනාවට අදාළව පසුගිය 31 වනදා ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඔහු නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

    ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නිර්දේශ කිරීම හේතුවෙන් ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහල වෙත යොමුකිරීම‍ෙ පියවර ගෙන තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img