fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජොබ් කරන අයට ඡන්දෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

    ජොබ් කරන අයට ඡන්දෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව රාජ්‍ය අංශයේ නිලධාරීන්ට පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා අවම කාලය පැය 4ක් ලෙස ද ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවශ්‍ය බව හැඟෙන අඛණ්ඩ කාලයක් සදහා වැටුප් අඩුකිරීමකින් තොරව විශේෂ නිවාඩු ලබාදිය යුතු බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

    ඡන්දය භාවිත කිරීම සඳහා සේවා ස්ථානයේ සිට තම ඡන්ද පොළට යායුතු දුර ප්‍රමාණය කිලෝමීටර් 40 හෝ ඊට අඩුනම් දින බාගයක කාලයක් ද කිලෝමීටර් 40-100ත් අතර නම් එක් දිනයක් ද අවම නිවාඩු ලබාදිය යුතු ය.

    කිලෝමීටර් 100-150ත් අතර නම් දින එකහමාරක් ද කිලෝමීටර් 150ට වැඩිනම් දින 2ක් වශයෙන් ද නිවාඩු ලබාදිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    කෙසේවෙතත් මේ සඳහා සේවා නියුක්තිකයින් විසින් සේවා යෝජකයින් වෙත ලිඛිතව අදාළ නිවාඩු ඉල්ලීම සිදුකළ යුතු වේ.

    එමෙන්ම සෑම සේවා යෝජකයෙකු විසින්ම විශේෂ නිවාඩු ඉල්ලුම් කළ තැනැත්තන් හා නිවාඩු ලබාදෙන කාලසීමාව දැක්වෙන ලේඛනයක් සකස් කර එය සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවයි මැතිවරණ කොමිසම පවසයි.

    මේ අතර, 2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනයක් ලෙස අද (03) දිනය නම් කර තිබේ.

    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට ලබන 7 වනදායින් පසු ළඟම තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

    මේ අතර මහ මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට හෙට දිනයේ ද අවස්ථාව හිමි වේ.

    පසුගිය මාසයේ 30 සහ පෙරේදාද තැපැල් ඡන්දය පැවති අතර එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට මෙලෙස හෙට දිනයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළ හැකි ය.

    එමෙන්ම මෙම දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන අයට ලබන 7 සහ 8 දිනවලදිද සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැක.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img