පිල්ලෙයාන් නායකත්වය දරන තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් විසින් කඩුපොලුවලින් කල පහරදීමකින් බරපතල ලෙස තුවාල ලැබූ බව කියන කරුණාඅම්මාගේ පාර්ශවය නියෝජනයකරමින් මෙවර මහා මැතිවරණයට මඩකලපුව දිස්ත්රික්කයෙන් ඉදිරිපත් ව සිටින ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයේ අපේක්ෂකයකු සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙකු මඩකලපුව රෝහලට ඊයේ රාත්රී කාලයේදී ඇතුලත්ව ඇත.
කරුණා අම්මාන් ගේ කණ්ඩායමේ පිරිසක් විසින් තමන්ට පහරදුන්නේ යැයි පවසමින් තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂයේ ආධාරකරුවන් සිව් දෙනෙක්ද අද අලුයම් කාලයේදී මඩකලපුව රෝහලට ඇතුලත්ව ඇත.
කරුණා අම්මාන්ගේ පාර්ශවයේ අපේක්ෂකයා ඇතුළු තිදෙනාගේ තත්ත්වය බරපතල බව රෝහල් තොරතුරු සඳහන් කළේය.
මැතිවරණයේ මනාප පොරයක් මුල්කරගෙන මෙම ගැටුම ඇතිවී තිබෙන බව වපොලිස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.