ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටුවක් ලබා දී අයිස්ක්‍රීම් තුනක් ලබාගෙන ඊයේ පළායමින් සිටි පුද්ගලයකු ගම්පහ දී අත්අඩංගුවට ගැනීමට ගම්පහ පොලීසිය සමත්ව ඇත.
මෙම පුද්ගලයා සතුව තිබී ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5,000 නෝට්ටු 25ක් සහ උතුරුකොරියානු නෝට්ටු 90ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරු නිට්ටඹුවේ පදිංචි 44 හැවිරිදි වියේ පසුවන්නෙකි.
සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදී ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු මුද්‍රණයකර රටපුරා බෙදා හරිනු ලබන සංවිධානාත්මක ජාවාරමක තොරතුරු හෙළිවී තිබේ.