මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නඩු පවරා තිබේ.
ඒ ඔවුන්ට අයත් බව කියන සමාගම් දෙකක අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරමින්, රජයට අයවිය යුතු රුපියල් කෝටි 3කට වැඩි වැට් සහ ආදායම් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනා මත ය.
නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (04) කැඳවූ අවස්ථාවේදී ජනක රත්නායක මහතා හෝ ඔහුගේ බිරිඳ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
ඒ වෙනුවට සමාගමේ අධ්‍යක්ෂවරයෙකු අධිකරණය හමුවේ පෙනී සිටින බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දී තිබුණි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ අදාළ වගඋත්තරකරුවන්ට නොතීසි භාරදී ඇති බවයි.
ඒ අනුව ජනක රත්නායක මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු සැකකරුවන්ට ලබන 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.