fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්KDU බස් අනතුරේ රියදුරා ලයිෂන් තහනම් කරපු අයෙක්

    KDU බස් අනතුරේ රියදුරා ලයිෂන් තහනම් කරපු අයෙක්

    බදුල්ල – මහියංගනය මාර්ගයේ අඹගහඹය වංගුවේදී සිසුවියන් දෙදෙනෙකුට මරණය ගෙන දෙමින් අනතුරට ලක්වූ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් ගමන්කරමින් සිටි බස් රථය පදවා ඇත්තේ බීමතින් රිය පදවා අනතුරක් සිදුකර පළායාමක් සම්බන්ධයෙන් මාස පහක කාලයකට අධිකරණය විසින් රියදුරු බලපත්‍රය අත්හිටවූ අයෙක් බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

    ඉකුත් ජූලි මාසයේදී ඔහු මෙම අනතුර සිදුකර ඇත්තේ අක්මීමන ලබුදූව ප්‍රදේශයේදීය. යතුරුපැදියක් පදවමින් පුද්ගලයකු හප්පා පලාගිය මෙම රියදුරාව අක්මීමන පොලීසිය අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇත. අගෝස්තු මාසයේදී ඔහුගේ රියදුරු බලපත්‍රය අධිකරණය විසින් අත්හිටුවා ඇති බව විමර්ශනයේදී අනාවරණය වූ බව බදුල්ල කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතා සඳහන් කළේය.

    රුපියල් 5,000ක දඩයක් නියමකරමින් ඔහුගේ රියදුරු බලපත්‍රය මාස පහකට අත්හිටුවා ඇත්තේ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය විසින් බව අක්මීමන පොලීසිය සඳහන් කළේය.

    උඩුගම පදිංචිකරුවෙක් වන මෙම රියදුරා අධිකරණයෙන් රියදුරු බලපත්‍රය අත්හිටුවීමෙන් අනතුරුව සිය රියදුරු බලපත්‍රය නැතිවු බවට උඩුගම පොලිසියේ අසත්‍ය පැමිණිල්ලක් දමා එක්දින සේවාව යටතේ රියදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති බව ද අනාවරණය වී ඇත.

    රියදුරා මේ වන විට බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img