fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලීසියේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ යතුරු පැදිය SI උස්සලා

    පොලීසියේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ යතුරු පැදිය SI උස්සලා

    අධිකරණ නියෝගයකින් නඩු භාණ්ඩයක් ලෙස පිළියන්දල පොලිස් ස්ථානයේ ගාල්කර තිබුණු යතුරුපැදියක් සොරකම් කර එහි කොටස් ගලවා සිය යතුරු පැදියට එක්කළ පිළියන්දල පොලීසියේම සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ සොරකමට සම්බන්ධ මෝටර් රථ කාර්මිකයන් වන අයියා මලෝ දෙදෙනෙක් පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    දෙහිවල හිල්ඩා පටුමගේ පදිංචිකරුවෙක් වන උප පොලිස් පරීක්ෂක රන්දික වික්‍රමරත්න (29) , ගෝනපොල, කුඹුක උතුර විටවිල පදිංචිකරුවන් වන කේ.ඩී.ටී. ලක්ෂාන් (22) සහ කේ.ඩී.ටී. මල්ෂාන් (24) යන සැකකරුවන් තිදෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය ඔක්තෝබර් 23 වෙනිදා රාත්‍රී කාලයේදී බව පොලීසිය කියයි.

    පිළියන්දල පොලිස් ස්ථානයට වාර්තා වූ සොරකමක් සම්බන්ධයෙන් පසුගිය වසරේ ජුනි 23 වෙනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව BFL 5790 අංකය දරණ මෙම බජාජ් ඩිස්කවරි වර්ගයේ යතුරු පැදිය වැඩි ආරක්ෂාවට පොලිස් ස්ථානයේ ගාල්කර තබන ලෙස අධිකරණය දැනුම්දී ඇත. උප පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙයැවීමෙන් සොරාගෙන ඇත්තේ මෙම යතුරුපැදිය බව පිළියන්දල පොලීසිය සඳහන් කරයි.

    සොරාගත් යතුරුපැදිය සොයා විමර්ශන පවත්වා සැකකරුවන් යතුරුපැදියද සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img