පොලිස් මූලස්ථායේ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි උතුරු මැද පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයේ වැඩ බැලීමට පත්කර තිබේ.
වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඊට අදාල නියෝගය අද නිකුත් කළේය.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතය අනුව මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඔහු උතුරු මැද පළාතේ වැඩ බැලීම සිදුකරනු ලබන්නේ පොලිස් මූලස්ථානයේ රාජකාරිවලට අමතරවය.
කලක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙසද කටයුතු කළ බුද්ධික සිරිවර්ධන මහතාව උතුරු මැද පළාතේ පොලිස් ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පති ලෙස පත්වීමත් සමඟ ඇතිවූ පුරප්පාඩුව සඳහාය.