ඕලුමරා නැමැති පාතාලයේ අපරාධකරු දුරකථන ඇමතුම් දෙමින් ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ පුද්ගලයන්ට මරණ තර්ජන එල්ලකරමින් කප්පම් ඉල්ලා තර්ජනය කිරීමට යොදාගත් ජංගම දුරකථනය සහ උපාංග බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ සිදුකල සෝදිසියකදී සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව ඇත.
රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නැමැති පාතාලයේ අපරාධකරු විසින් බන්ධනාගාරයේ සිට දුරකථන ඔස්සේ විවිධ පුද්ගලයන්ට කරනු ලබන තර්ජනය කිරීම් සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා වී තිබී ඇත. ඒ අනුව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු විසින් ඕලුමරා රදවා සිටින සිර මැදිරිය පරික්ෂා කර ජංගම දුරකථන හා සිම්පත් අත්අඩංගුවට ගන්නා ලෙස විශේෂ කාර්ය බලකාය සේනාවිධායක වෙත ලබා දි ඇති නියෝගයකට අනුව මෙම පරික්ෂාව සිදුකර තිබෙන බව සඳහන්ය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ විශේෂ අංශයේ D කොටසේ අංක 104 සිර මැදිරියේ වැසිකිලිය වල තුල තිබි NOKIA TA 1174 කීපැඩ් සහිත කළු පැහැති සිම්පත් 02 ක් සහිත ජංගම දුරකථනයත් , සිම් පත් 02 ක් සහ සිර මැදිරියට තුලට ඇතුළු වන දොර ඉහල ඇති කවුළුව තුල පිටත ආවරනය ඉවත් කරන ලද ජංගම දුරකථන චාජරයත් තිබී සොයාගෙන තිබේ.
බූස්ස බන්ධනාගාරය යනු අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම්කර ඇත. වැඩිපුරම පාතාලයේ ප්‍රබල අපරාධකරුවන් රදවා සිටින්නේ එහිය. එහෙත් දැන් එහි දුරකථන අඩුවක් නොමැතිව සෝදිසිකිරීම්වලදී හමුවෙමින් තිබේ.