විදේශ සමාගම් දෙකකින් පසුගිය ආණ්ඩුව පැවති සමයේදී විදේශ ගමන් බලපත්ර මිලදී ගැනීමට එරෙහිව ගොනුකොට ඇති පෙත්සමෙහි වගඋත්තර කරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නම් කර තිබේ.
එවකට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තවදුරටත් එම තනතුරේ කටයුතු නොකරන බැවින් මෙම පෙත්සමෙහි වග උත්තර කරුවෙකු ලෙස ඔහුගේ නම ඇතුලත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා පෙත්සම්කාර සමාගම විසින් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමකට අනුව ඔහුව වගඋත්තරකරුවෙක්කර ඇත.
මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී කුමාරන්රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය .