හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් සහ ඒ අයගේ නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 1100ක් පමණ වැය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් නඩත්තු සදහා වියදම වසරකට සමස්ත ලංකාවේ ම පොලිස් නිලධාරීන්ට බෙහෙත් ගැනීමට තිබෙන රෝහලටවත් වියදම් කර නොමැති බව ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙලෙස යන වියදම ඉහළ බවත් ඒ සඳහා කමිටුවක් පත්කර හිටපු ජනාධිපතිවරුන්ට සමානුපාතික ක්‍රමයට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව විජිත හේරත් මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කරනු ලැබුවේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.