පාසල් සිසුවෙකුට කළ පහරදීමක් සම්බන්ධයෙන් යුද හමුදාවේ සෙබලු තිදෙනෙකු මාතලේ මහවෙල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
නාරාහේන්පිට සහ වවුනියාව යන කඳවුරුවල සේවයේ නිරත පල්ලෙපොල පදිංචි හමුදා සෙබලු තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි මහවෙල පොලීසිය සඳහන් කරයි.
මෙම පහරදීම ඇල්ලේපොල පිහිටි ලී මොලක් අසලදී පසුගිය 05 වෙනිදා සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කළේය.