fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පැරණි කොල්ලයක රන් බඩු උසාවි ගබඩාවෙන් උස්සලා

    පැරණි කොල්ලයක රන් බඩු උසාවි ගබඩාවෙන් උස්සලා

    අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ නඩු භාණ්ඩ ලෙස තිබුණු 1998 වසරේදී සිදුවූ මංකොල්ලයකට අදාල රන් භාණ්ඩ සොරාගැනීමක් සම්බන්ධයෙන් අම්පාර පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භකර ඇත.

    අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් විසින් ඊයේ (06) කළ පැමිණිල්ලකට අදාලව මෙම විමර්ශනය ආරම්භකර ඇතැයි අම්පාර පොලීසිය සඳහන් කරයි.

    මෙම සොරකම කවදා සිදුවූවාදැයි අනාවරණය නොවන බවත් කොපමණ රන් භාණ්ඩ ප්‍රමාණයක් සොරාගෙන ගොස් තිබේද යන්න ගැනවත් තොරතුරු අනාවරණය නොවන බව පොලීසිය කියයි.

    පැමිණිල්ලට අනුව සොරාගත් රන් භාණ්ඩ වල 1998 වසරේ වටිනාකම ලෙස සටහන් වන්නේ 108,527.50ක් බවද සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img