පොලිස් ස්ථානයේ තිබුණු රිවෝල්වරයක් අස්ථානගතවීමක් සම්බන්ධයෙන් වීරඹුගෙදර පොලීස් ස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (09) අත්අඩංගුවට ගෙන ඇත.
සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
වීරඹුගෙදර පොලිස් ස්ථානයට අයත් රිවෝල්වරයක් පසුගිය ඔක්තෝබර් 24 වෙනිදා අස්ථානගතව ඇති බව අවි ගබඩාව පරීක්ෂා කිරීමේදී අනාවරණය වී තිබුණි.
මේ සම්බන්ධයෙන් විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීරමෙන් අනතුරුව අනාවරණය වී ඇත්තේ ගිනි අවිය අස්ථානගතවූ දිනට පෙර රාත්‍රී රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයා විසින් ගිනි අවිය රාජකාරි සඳහා රැගෙන ගොස් ඇති බවය. පොලිස් පොතේ සටහන් තබා රැගෙන ගිය ගිනි අවිය අස්ථානගතවී ඇති බවත් ඔහු ඒ බව සඟවා ගිනි අවිය නැවත භාරදුන් බවට පොලිස් පොත්වල සටහන් තබා ඇති බවත් විමර්ශනයේ දී අනාවරණය වී ඇත.
ඒ අනුව එම සැරයන්වරයා සහ ගිනි අවිය එම නිලධාරියා විසින් නිසි ලෙස භාරදුන් බවට ව්‍යාජ සටහන් පොලිස්පොතේ තැබූ කොස්තාපල්වරයා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.