රාජ්ය බැංකුවක තිඹිරිගස්යායේ පිහිටි ශාඛාවක ඒ.ටී.එම්. යන්ත්රයට පහරදී හානි කිරීමක් සම්බන්ධයෙන් මහජන සාමය කළමනාකරණ කොට්ඨාශයේ කැරළි මර්දන අංශයේ පොලිස් සැරයන්වරයකු නාරාහේන්පිට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම නිලධාරියා පසුගිය 09 වෙනිදා අදාල බැංකු ශාඛාවට ගොස් ඒ.ටී.එම් යන්ත්රයෙන් මුදල් ලබාගැනීමට උත්සහ කිරීමේදී බැංකු කාඩ්පත යන්ත්රය තුළ සිරවී ඇති බව නාරාහේන්පිට පොලීසිය සඳහන් කළේය.
කාඩ්පත සිරවීම හේතුවෙන් මුදල් ලබාගැනීමට නොහැකි වීම නිසා මෙම නිලධාරියා ඒ.ටී.එම්. යන්ත්රයට පහරදී අලහභානි කර ඇති බව පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් බැංකුවෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටද ඊයේ පොලිස් බලධාරීන් පියවර ගෙන තිබුණි.