fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඡන්දයේ ආරක්ෂාවට 90,000ක්

    ඡන්දයේ ආරක්ෂාවට 90,000ක්

    2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් 90,000ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පවසයි.

    පොලිස් නිලධාරීන් 64,000ක් සෘජුව යොදවා ඇති අතර, තවත් පොලිස් නිලධාරින් 6000ක් පමණ පොරොත්තු සේවා සඳහා යොදවා ඇති බව තල්දූව මහතා කියයි. විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 3200 ක් පමණ යොදවා ඇත.

    අවශ්‍ය අවස්ථාවන් වලදී කැඳවීම වෙනුවෙන් හා මර්මස්ථාන වල ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 11000 ක් යොදවා ඇති බවද ඒ මහතා අනාවරණය කළේය.

    එමෙන්ම මැතිවරණය පවත්වන හෙට දිනයේදි පොලිස් ජංගම සංචාරද සිදුකරන අතර සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් 12227 ක් මැතිවරණ රාජකාරි සඳහා සම්බන්ධ වන බවද ඒ මහතා පැවසීය.

    මැතිවරණ දිනයේදී නිසි අවසර ලබා නොගෙන ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම වරදක් බවත්, එවැනි ක්‍රියා සංවිධානය කරන්නන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පැවසීය. ඡන්ද මධ්‍යස්ථාන හෝ ඡන්ද පොළ රාජකාරී කටයුතුවලට බාධා කරන පුද්ගලයින්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img