fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්පංචායුධයක් ගන්න ඇවිත් රන්බඩු සාප්පුවක් ක ොල්ලකා ජීවිතාන්තය දක්වාම හිරේට

    පංචායුධයක් ගන්න ඇවිත් රන්බඩු සාප්පුවක් ක ොල්ලකා ජීවිතාන්තය දක්වාම හිරේට

    ගිනි අවි පෙන්වා බිය වද්දා පිටකෝට්ටේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ සාප්පුවක් ‍කොල්ලකෑමේ චෝදනාවට වරදකරු වූ දෙදරු පියකුට කොළඹ මහාධිකරණය ඊයේ (12දා) ජීවිතාන්ත සිරදඬුවමක් නියම කර ඇත.

    කොල්ලකරුවන් සමඟ පොර බැදීමේදී වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ ස්වර්ණාභරණ වෙළෙඳසැලේ සේවකයකුට රුපියල් ලක්ෂ 02ක වන්දියක් ගෙවන ලෙසද අධිකරණය චූදිතයාට නිටමකරන ලදි.

    එම වන්දිය නොගෙවන්නේ නම් මාසයක සිරදඬුවමක් පැනවිණ. මෙම දඬුවම්වලට අමතරව රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවන ලෙසද එය නොගෙවන්නේ නම් තවත් වසර 2ක සිරදඬුවමක් නියම විය.

    මෙම කොල්ලය සිදුව ඇත්තේ 2004 වසරේ ජූලි 07 දාය. එහිදි රුපියල් 40,000ක මුදලක් කොල්ලකා තිබුණි. පංචායුධයක් මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි තිදෙදෙනකු විසින් මෙම කොල්ලය සිදුකර තිබුණි.

    ඊට සම්බන්ධ තිදෙනාම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පියවර ගෙන ඇතත් දෙදෙනෙක් පාතාල ගැටුම්වලින් මියගොස් ඇත. එබැවින් ඉතිරිව සිටි විත්තිකරුට එරෙහිව නඩු විභාගය පැවැත්විණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img