පානදුර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක පිටුපස දොරේ පා පුවරුවේ ගමන්කරමින් සිටි බස් රථයේ කොන්දොස්තර හා මගියෙකු අද අලුයම බස් රථයෙන් ඉවතට විසිවී මහ පාරට ඇද වැටීමෙන් සිදුවූ අනතුරින් කොන්දොස්තර මියගොස් ඇත.
මෙම අනතුර සිදුවන විට බස් රථය ධාවනය වෙමින් තිබී ඇත්තේ බත්තරමුල්ලේ සිට කඩුවෙල දෙසටය. කොස්වත්ත මංසන්ධිය ආසන්නයේදී බස් රථයෙන් ඉවතට විසිවුණු කොන්දොස්තර හා මගියා කඩිනමින් කොළඹ ජාතික රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇත. කොන්දොස්තර මියගොස් ඇත්තේ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදීය.
කොන්දොස්තරවරයා වයස අවුරුදු 69ක් වන බදුල්ලේ පදිංචිකරුවෙකි.