බැංකුවල ATM යන්ත්‍ර වල මුදල් තැන්පත් කරන පුද්ගලික සමාගමක රියදුරෙකු අද උදෑසන බැංකුවල තැන්පත් කිරීමට රැගෙන යමින් තිබූ රුපියල් කෝටි හතහාමාරක මුදලක් රැගෙන වෑන් රථයකින් පලා ගොස් ඇත.
අදාළ සමාගමේ සීදුවේ පිහිටි ශාඛාවේ සිට බැංකුවල ටෙලර් යන්ත්‍ර වල ට මුදල් තැන්පත් කරමින් යමින් සිටියදී ආරක්ෂකයින් මගහැර මෙම මුදල් තොගයද රැගෙන රියදුරා පලා ගොස් ඇත්තේ මිනුවන්ගොඩ දීය.
මිනුවන්ගොඩ පිහිටි බැංකුවක ටෙලර් යන්ත්‍රයකට මුදල් තැන්පත් කිරීමට මුදල්ද රැගෙන ආරක්ෂකයින් වෑන් රථයෙන් බැස ගිය අවස්ථාවේදී වේදී රියදුරා වෑන් රථයක් සමඟ මුදල්ද රැගෙන පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පොලිසිය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුදල් රැගෙන රියදුරු පලා ගිය වාහනය ගම්පහ ගල්බොඩ ප්‍රදේශයේ අතහැර ගොස් තිබියදී හමුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.
මෙම සොරකම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සැකකාර රියදුරගේ ඡායාරූපයක්ද මාධ්‍යයට නිකුත් කරනු ලැබීය.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ගම්පහ කොට්ඨාසයභාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ 0718591608 දුරකථන අංකයට හෝ ගම්පහ දිස්ත්‍රික් ජෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ 071859 1610 දුරකථන අංකයට තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගේ ඉල්ලා සිටි.
මෙම සොරකම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශන පවත්වනු ලබයි.