බැංකුවල ටෙලර් යන්ත්‍රයන්ට මුදල් තැන්පත් කරන සහ ටෙලර් යන්ත්‍රවල ගනුදෙනුකරුවන් තැන්පත් කරන මුදල් රැස්කරන පුද්ගලික සමාගමක රියදුරෙකු ඊයේ බැංකුවල තැන්පත් කිරීමට රැගෙන යමින් තිබූ රුපියල් කෝටි හතහාමාරක් පමණ වටිනා මුදලක් රැගෙන වෑන් රථයකින් පලා ගොස් තිබුණි.
එම සොරකමට සම්බන්ධ සැකකරුවන් හදුනාගෙන රුපියල් කෝටි 03කට අධික මුදලක් මේ වන විට සොයා ගැනීමට ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව ඇත.