fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොළඹින් උස්සපු මෝටර් බයිසිකලයක් කොළඹ ට්‍රැෆික් පොලිස් රාළහාමිගේ මහඹය නිවසින් මතුවේ

    කොළඹින් උස්සපු මෝටර් බයිසිකලයක් කොළඹ ට්‍රැෆික් පොලිස් රාළහාමිගේ මහඹය නිවසින් මතුවේ

    කොළඹ නාගරික රථවාහන පොලිස් කොට්ඨාශයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකුගේ මහඔය සමගිපුර පිහිටි නිවසේ අංක තහඩු ගලවා සඟවා තිබුණු ඩිස්කවරි වර්ගයේ යතුරු පැදියක් මහඔය පොලීසිය විසින් ඊයේ (18) සොාගෙන ඇත.

    මෙම යතුරු පැදිය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මහඔය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් නාගරික රථවාහන කොට්ඨාශයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම යතුරුපැදිය සාලයේ නතරකර තිබියදී හමුවී තිබේ. ඒ වන විට යතුරුපැදියේ අංක තහඩු එහි සවිකර තිබී නැත. පොලිස් නිලධාරීන් නිවස පරීක්ෂා කිරීමේදී CP BBT 1154 අංකය දරණ යතුරුපැදියේ බව සඳහන් අංක තහඩු දෙක සොයා ගැනීමට හැකිවී ඇත්තේ කාමරයක ඇද මෙට්ටයක් යට සඟවා තිබියදීය. ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරියාගේ පියාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මෙම යතුරුපැදිය සිය පුතා විසින් පංචිකාවත්තේ පුද්ගලයකුගෙන් මෙයට මාස 03කට පෙර රුපියල් 50,000ක මුදලකට මිලදී ගෙන ඇති බවය. මෙම යතුරුපැදියේ පළාත් අක්ෂරය වෙනස්කර ගැනීම සඳහා යතුරුපැදියේ ලියාපදිංචි අයිතිකරු පැමිණිය යුතු හෙයින් අංක තහඩු ගලවා තැබූ බවද ප්‍රශ්න කිරීමේදී පොලිස් නිලධාරියාගේ පියා පවසා ඇත. යතුරුපැදියේ කිසිදු ලියාපදිංචි ලියවිලි කිසිවක්ද නිවසේ නොතිබුණු බැවින් මහඔය පොලීසියේ නිලධාරීන් යතුරුපැදියේ චැසි අංකය හා එංජික් අංකය ඔස්සේ යතුරු පැදියේ ලියාපදිංචි තොරතුරු මෝටර් රථ ප්‍රවාහන කොමසරිස් කාර්යාලයෙන් පරීක්ෂාකර ලබා තිබේ.

    එහිදී අනාවරණය වී ඇත්තේ එම යතුරු පැදිය UP BDW 8090 අංකය යටතේ ලියාපදිංචිකර ඇති එකක් බවය. එහි ලියාපදිංචි අයිතිකරු මහියංගනයේ පදිංචිකරුවෙක් බවද අනාවරණය වී තිබේ. එම පුද්ගලයාව යතුරුපැදිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලීසියට කැදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    නාගරික රථවාහන පොලිසියේ කොස්තාපල්වරයාගේ නිවසින් හමුවූ මෙම යතුරුපැදිය කොළඹට නුදුරු ප්‍රදේශයකදී 2023 වසරේදී සොරාගත්තක් බව ට තොරතුරු විමර්ශනයේදී අනාවරණය වී තිබේ. එම සොරකම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී එම පැමිණිල්ල පවා පොලීසිය භාරගෙන නැති බවට තොරතුරුද ලැබී ඇත. ඒ ගැන යතුරුපැදියේ ලියාපදිංචි හිමිකරුගෙන් තොරතුරු අනාවරණය උවහොත් පැමිණිල්ල භාරනොගත් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බවද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img