වී ගොවීන් සඳහා රජයේ පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ රුපියල් මිලියන 1292ක මුදලක් මේවන වනවිට බැර කර ඇතැයි රජය සඳහන් කරයි.
දිස්ත්‍රික්ක 22ක වීගොවීන් එක්ලක්ෂ නව දහසකට මේ වන විටත් මෙම මුදල් ලැබී ඇති බව ගොවිජන සේවා අධ්‍යක්ෂ ජනරාල් යූ .බී.රෝහණ රාජපක්ෂ පවසයි.
වී ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේ කටයුතු වෙනුවෙන් අද දිනයේද මහාභාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 540ක් ඉල්ලුම් කළ බවත් ඒම මුදල දිස්ත්‍රික් 22ක ගොවීන් 47,553ක් වෙනුවෙන් ලබාදීමට කටයුතු සැලසුම් කර ඇතැයිද ඒ් මහතා කියයි.
එබැවින් ගොවීන් පොහොර සහනාධාරය ගැන කිසිදු බියක් ඇති කරගත නොහැකි බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.