fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන මැකොගෙන් අනතුරු ඇඟවීමක්

    ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන මැකොගෙන් අනතුරු ඇඟවීමක්

    මෙවර මහා මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමිකරගත් දේශපාලන පක්ෂ එම මන්ත්‍රී ධූරවලට නම්කරන අපේක්ෂකයන්ගේ නම් ලබන 22 වෙනිදාට පෙර ලබානොදුනහොත් ඒ අයට ඒ සඳහා හිමිකම් කීමට ඉඩක් නොලැබෙන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

    මැතිවරණය අවසන්වීමෙන් අනතුරුව පසුගිය 16 වෙනිදා සිට 22 වෙනිදා දක්වා කාලය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා මන්ත්‍රීවරුන්ගේ නම් කොමිෂම වෙත යොමුකිරීමට අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

    නියමිත දිනය වන විට එම නම් ඉදිරිපත් වී නොමැති වුවහොත් ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර සඳහා හිමිකම් පෑමට ඉඩක් නැති බවද ඔහු කියා සිටියේය.

    මේ වන විට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නාමයන් නියමිත ලෙස කොමිෂමට ඉදිරිපත්කර නැත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, සමගි ජන බලවේගය යන පක්ෂ දෙකය.

    ජාතික ලැයිස්තුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 2ක් සහ සමගි ජන බලවේගයට ආසන 5ක් හිමිවිය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රවී කරුණානායක මහතාගේ නම ඉදිරිපත්කර ඇති අතර එය අද දින ගැසට්කර තිබුණි. එම නම සම්බන්ධයෙන්ද පක්ෂය තුළ ගැටුම් මේ වන විට ඇතිව තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img