සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයක් සඳහා එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම මැතිවරණ කොමිෂම වෙත යොමුකර ඇත.
ඒ අනුව ඒ මහතාගේ නම අද දිනයේම ගැසට් පත්රය මගින් ප්රසිද්ධ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්රීධූර 5 ක් හිමිකරගත් අතර එයින් එක් මන්ත්රීධුරයක් පමණක් මේ වන විට පුරවා ඇත. සෙසු මන්ත්රීධූර ඉදිරියේදී පත්කිරීමට පියවර ගන්නා බව පක්ෂයේ ප්රකාශකයෙක් සඳහන් කළේය.