fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්රියදුරු බලපත්‍රයක් අරන් දෙන්නම් යැයි කියා ශ්‍රවණාබාධිතයාගෙන් මුදල් ගැරූ හිටපු කොස්තාපල්ට වූ...

    රියදුරු බලපත්‍රයක් අරන් දෙන්නම් යැයි කියා ශ්‍රවණාබාධිතයාගෙන් මුදල් ගැරූ හිටපු කොස්තාපල්ට වූ දේ

    රියදුරු බලපත්‍ර ලබාගැනීමට වේරහැර පිහිටි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කාර්යාලයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් රවටා රුපියල් 80,000ක මුදලක් වංචා සහගතව ලබාගැනීමක් සම්බන්දයෙන් පොලීසියේ හිටපු කොස්තාපල්වරයෙක් බොරලැස්ගමුව පොලීසිය ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත.

    වයස අවුරුදු 53ක් වන මෙම පොලිස් කොස්තාපල්වරයා ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ සේවයේ නිරතව සිටියදී තනතුර අතහැර යාමේ නියෝග නිකුත් කර ඇති අයෙක් බව පොලීසිය කියයි.

    පාදුක්ක උඩුමුල්ලේ පදිංචිකරුවෙක් වන මෙම කොස්තාපල්වරයා මුදල් වංචාකර ඇත්තේ සවුදියේ සිට පැමිණි පුද්ගලයකු එරදී භාවිතා කළ රියදුරු බලපත්‍රය මෙරට රියදුරු බලපත්‍රයකට පරිවර්ථනයකර දීමට රුපියල් 30,000ක් ද, ශ්‍රවණාබාධිත පුද්ගලයකුට රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට රුපියල් 50,000ක් ද බව පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img