රුපියල් ලක්ෂ 03ක් පමණ වටිනා රන් මාල කොල්ලකෑමකට සැකපිට යුධ හමුදා සාමාජිකයන් තිදෙනෙක් බියගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
නෙටොල්පිටිය, නාවලපිටිය සහ කිරම යන ප්රදේශවල පදිංචි වේයන්ගොඩ හමුදා කදවුරට අනුයුක්තව සේවයේ නිරත සෙබලුන් තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.
මෙම මංකොල්ලය පසුගිය 16 වෙනිදා සිදුව ඇති බව බියගම පොලීසිය සඳහන් කරයි. බියගම නිදහස් වෙළද කලාපයේ සේවයේ නිරත තලවකැලේ පදිංචි ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවක් සේවය නිමවා බෝඩිම වෙත ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ඇගේ ගෙලබැදි රන් මාලය කොල්ලකා තිබුණි. එම කොල්ලය ගැන කළ පරීක්ෂණයේදී මෙම හමුදා සෙබලු තිදෙනා කොටුවී තිබේ.