fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුද්ද කළ පාර්ලිමේන්තුවේ පළමු දවසෙම අලුත් මන්ත්‍රීගෙන් පුටු ගැටුමක්

    සුද්ද කළ පාර්ලිමේන්තුවේ පළමු දවසෙම අලුත් මන්ත්‍රීගෙන් පුටු ගැටුමක්

    යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුන රාමනාදන් නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම මතභේදාත්මක අවස්ථාවක් මතුකර පුවතක් වාර්තා වේ.

    ඒ විපක්ෂ නායකවරයාට සම්ප්‍රදායිකව මැතිසබේ වෙන්වූ අසුනේ නවක මන්ත්‍ර්‍රීවරයා අසුන් ගෙන ඉන් ඉවත්වීමට නොහැකි බවට එහි කාර්ය මණ්ඩලය සමඟ මතගැටුමක නිරතවීමත් සමඟයි.

    වෛද්‍ය අර්ච්චුන රාමනාදන් 2024 මහ මැතිවරණයේදී ස්වාධීනව තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්වූවෙකි.

    අද ඇරඹුණු 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය බැවින් අද දින මන්ත්‍රීවරුන්ට විශේෂ අසුන් පැනවීමක් සිදුනොකරන බැවින් රිසි අසුනක වාඩිවිය හැකි බවට දැනුම් දී තිබුණි.

    පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චූන රාමනාදන් මහතා පෙන්වා දුන්නේ නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේ අසුන් පැනවීමක් සිදු නොවූ බැවින් ‘තව ඔ්නේ තරම් සීට් තියෙන්නේ ඔ්න තැනක වාඩිවෙන්න කියන්න’ යනුවෙන් විපක්ෂනායකට පවසන ලෙසයි.

    එහෙත් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමත් සමඟ නව කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා, කාරක සභා සභාපතිනිය සහ විපක්ෂනායකවරයා පත්කිරීමද සිදුවිය.

    විපක්ෂ නායකවරයාට වෙන් කර ඇති ආසනය වෙතින් ඉවත ගොස් වෙනත් අසුනක වාඩිවෙන ලෙස කාර්ය මණ්ඩල සාමාජිකයා කී පසුව මන්ත්‍රීවරයා කීවේ “අපි පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනස් කළා. දැන් මෙහෙ ඒවා හරියන්නෑ” යනුවෙනි.

    එම වීඩියෝව පහතින්.

    ප්‍රබෝධා හෙට්ටිආරච්චි

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img