ආණ්ඩුවට ලබන වසර සඳහා ඇති මූල්‍ය ඉලක්ක ඉටුකර ගැනීමට වාහන ආනයනය “ඉතා හොඳ ආදායම් මාර්ගයක්” බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) පවසයි.
IMF ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සඳහන් කළේ වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කිරීම පිළිබඳව මෙම සමාලෝචනයේදී මෙන්ම මීට පෙරද සාකච්ඡා කර ඇති බවයි.
“වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කිරීම ඉදිරි වසර තුළ රජයට ඉතා හොඳ ආදායම් මාර්ගයක් විය හැකි බව අපි දැන සිටියෙමු. එය රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ඇති දුර්ලභ අවස්ථාවන්ගෙන් එකකි,” ඔහු පැවසීය.
කෙසේ වෙතත්, රටේ විදේශ විනිමය සංචිතවලට අනවශ්‍ය පීඩනයක් එල්ල වීම වැළැක්වීම සඳහා මෙය විචක්ෂණශීලීව කළමනාකරණය කළ යුතු බව IMF අවධාරණය කළේය.
2025 දී ශ්‍රී ලංකාව රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.1 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.