ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන සමාගමක් විසින් බැංකුවල ටෙලර් යන්ත්‍රවල තැන්පත් කිරීමට රැගෙන ගිය රුපියල් කෝටි හතහාමාරක මුදලක් මිනුවන්ගොඩදී සොරාගැනීමට මෙරට ජනප්‍රිය ගායකයෙකුගේ සහෝදරයකුගේ සම්බන්ධයක් හෙළිවී ඇත.
සොරාගත් මුදලින් රුපියල් කෝටියකට වැඩි මුදලක් ගායකයාගේ සහෝදරයාට ලැබී ඇති බවත් එම මුදලද රැගෙන මේ වන විට ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.
මෙම තොරතුරු හෙළිවී ඇත්තේ මුදල් ආරක්ෂිතව ප්‍රවාහනය කරන සීදූවේ පිහිටි ආයතනයේ රියදුරා සහ සොරාගත් මුදල් සමඟ රියදුරාව යතුරුපැදියකින් රැගෙන ගිය පුද්ගලයාව අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදීය. පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් අද (28) උදෑසන නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ ප්‍රධාන සැකකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (27) දහවල් කාලයේදී මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය. සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 167ක්ද සොරාගත් මුදලින් රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇති බව එහි සඳහන්ය.
මෙම සැකකරුවන් අවුරුදු 37 හා 40 යන වයස්වල පසුවන අය බවත් සීදූව හා උඩුගම්පොල පදිංචිකරුවන් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.
සොරාගත් මුදල් වලින් පොලීසිවට මෙතෙක් සොයා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ රුපියල් කෝටි 04කට ආසන්න මුදලක් පමණකි.