ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රික් රටවල් මගින් ඇමරිකානු ඩොලරයට ප්‍රතිවාදී මුදල් ඒකකයක් නිර්මාණය කළහොත් එම රටවල වලට 100% තීරුබදු පැනවීමට පියවර ගන්නා බවට තර්ජනය කර තිබේ.
බ්‍රික් රාජ්‍යයන් විසින් ඇමරිකානු ඩොලරයෙන් ඉවත්ව යාමට දැරීම තවදුරත් නිහඬම බලා සිටීම සිදු නොවන බවද ට්‍රම්ප් මෙහිදී සඳහන් කර ඇත.
ලොව ප්‍රබලතම ආර්ථිකයන් වන චීනය, රුසියාව බ්‍රසීලය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය බ්‍රික්ස් සන්ධානයේ කොටසකි.
මෙම සංවිධානය පසුගිය කාලය තුල ජාත්‍යන්තර වෙළදාමේදී ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකකයක් භාවිතා කිරීමට අවධානය යොමුකර තිබූණි.
ඒ අනුව ජාත්‍යන්තර වෙළදාමේදී ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකකයක් භාවිත වුවහොත්, එමගින් ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වනු ඇත.