fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්පුංචි ඡන්දෙ නාම යෝජනා රිවස් කරන්න නීති හදන්න කැබිනට් අනුමැතිය

    පුංචි ඡන්දෙ නාම යෝජනා රිවස් කරන්න නීති හදන්න කැබිනට් අනුමැතිය

    2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම සහ නව නාමයෝජනා කැඳවීම සඳහා විධිවිධාන සැලසීම ට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට 2024‑09‑02 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත.

    මේ පිළිබඳව 2024‑11‑25 දින පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පිළිගත් දේශපාලන පක්ෂ නායකයන් ද සහභාගී වී ඇති පක්ෂ නායක රැස්වීමේදී 2023 වර්ෂයේ කැඳවන ලද නාම යෝජනා අවලංගු කර අලුතින් නාම යෝජනා කැඳවා ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විය යුතු බවට එකඟතාවකට පැමිණ ඇත.

    ඒ අනුව, සියලු ඡන්ද හිමියන්ගේ ඡන්ද අයිතිය සහ තරුණ ප්‍රජාවගේ ඡන්දය සඳහා නාම යෝජනා ලබා දීමේ අයිතිය ආරක්ෂා වන පරිදි දැනට කැඳවා ඇති පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම සඳහා වන නාම යෝජනා ආපසු කැඳවීමට සහ නව නාම යෝජනා කැඳවීම ට විධිවිධාන සැලැස්වීමට හැකි වන පරිදි මැතිවරණ කොමිෂන් සභාව වෙත බලය ලැබෙන සේ පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති, මහාචාර්ය, ඒ.එච්.එන්.එච් අබේරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව ට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img