පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී සුජිත් නම් තැනැත්තෙක් තමන්ට පහරදුන් බව යාපනය දිස්ත්‍රීක් ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී අද සවස ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදය සඳහා තමන්හට වේලාව වෙන්කර ඇති ආකාරය සම්බන්ධයෙන් විමසීම සඳහා විපක්ෂ නායක කාර්යාලයට ගිය අවස්ථාවේදී තමාට පහරදුන් බව ඔහු කියයි.
තමාට පහරදුන් පුද්ගලයා තම පියාගේ වයසේ පසුවන අයකු බැවින් තමන් පෙරළා පහර නොදුන් බවද මන්ත්‍රී අර්චුනා මහතා සඳහන් කළේය.