fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෙමට අකමැතිවූවාට හිටපු සෙබල තරුණියට චූන්පාන් තරුණයා පහරදී මරා දමල

    පෙමට අකමැතිවූවාට හිටපු සෙබල තරුණියට චූන්පාන් තරුණයා පහරදී මරා දමල

    පෙම් සම්බන්ධයක් ඇතිකර ගැනීමට කළ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන යුද හමුදාවේ හිටපු සෙබලියක් සමග උරණ වූ චූන් පාන් අලෙවියේ නිරත තරුණයෙකු විසින් සෙබල තරුණියට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇත.

    මෙම අපරාධය සිදුව ඇත්තේ ඊයේ රත්නපුර සිරිපාගම දීය.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සැකපිට එම තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

    එම්. අහිංසා සමන්මලි නම් මෙම තරුණිය පහරකෑමෙන් තුවාල ලබා රෝහල් ගතකරන විටත් මරුමුවට පත්ව සිට ඇතැයි සිරිපාගම පොලීසිය සඳහන් කළේය. මෙම තරුණිය වසර හතරක් යුධ හමුදා සේවයේ යෙදි සිට පසුව ඉන් ඉවත්ව ඇති අයෙකි.

    චූන් පාන් තරුණයා අවස්ථා කිහිපයකදීම ඇගේ ආදරය පතා ඇතත් ඇය එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පහරදී ඇයව ඝාතනයකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img